නැව් ක්ෂෙත්‍ර ලිහිල් කරමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වීමේ ඉලක්කයක්

Share

ආර්ථිකය ලිහිල් කිරීම, රජයේ දැක්ම බවත් නැව් ක්ෂෙත්‍ර ලිහිල් කරමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වීමේ ඉලක්කයක් තිබෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (28) පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය.

ප්‍රතිපත්තියක් ලෙස රජයේ දැක්ම තමයි ආර්ථිකය ලිහිල් කරලා. නැව් ක්ෂෙත්‍ර ලිහිල් කරලා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානාය කරන්න ඉලක්කයක් තිබෙනවා. ඉන්දියානු කලාපයේ වර්ධනය සමඟ සාමාන්‍ය පුද්ගලයන්ගේ ආර්ථිකය දියුණු කරන්න ලෝකයට එකතු වෙන්න. චීනය,වියට්නාමය අපට වඩා ඉහළ ආර්ථිකයක් ලබා තිබෙනවා.

අපි දාලා තියෙන නීති නිසා තරඟකාරිත්ව්ය පිළිබඳ ගැටළු තිබෙනවා. අපි බලන්න ඕන එක ක්ෂේත්‍රයක් දෙස නොවේ. අපනයනය ක්ෂේත්‍රය බලන ගමන් මෙය බලන්න ඕන. අපේ අපනයනය හා ආනයනය පහළ වැටී තිබෙනවා. නැව් සේවා මෙරටට ගෙන්නා ගන්න නම් අපි ප්‍රායෝගික විය යුතුයි. අපි වරාය නියාමකයෙක් නෑ. තරඟ කරන්න අපහසුයි තරඟකාරි ගාස්තුවක් නම් කරන්නේ නැතිව. ගෝලීය නිෂ්පාදනයට එකතු වෙන්න ඕන. අපේ රටෙන් අගය එකතු කළ යුතුයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News