වරාය අධිකාරිය 2017 වසරේදී රුපියල් මිලියන 11000 ක ලාභ ලබයි

Share

වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයේ විවාදයට සහභාගී වෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසුවේ යහපාලන ආණ්ඩුවේ මනා කළමණාකාරීත්වය හේතුවෙන් වරාය ක්ෂේත්‍රය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2017 වසරේදී රුපියල් මිලියන 11000 ක ලාභ ලබා ඇති බවත් 2016 වසරේදි රුපියල් මිලියන 1000 ක් වූ ලාභය වසරක් තුළ මිලියන 11000 දක්වා වැඩිකර ගැනිමට හැකිවූයේ රජයේ ආර්ථික වැඩපිළිවෙළ නිසා බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

එමෙන්ම වරාය ක්ෂේත්‍රය දියුණු කිරිම වෙනුවෙන් රජය දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර රටට බරක්ව තිබූ හම්බන්තොට වරාය රජයට හා රටට අවාසි නොවන පරිදි ගිවිසුමක් යටතේ සංවර්ධනය කිරිමට වත්මන් රජයට හැකිවූ බවත් ඇමැතිවරයා පැවසිය.

හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව ආණ්ඩුව විනිවිද භාවයකින් කටයුතු කර ඇති බවත් එම ගිවිසුම පිළිබඳව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේදි විවාද කිරිමට සූදානම් බවත් ඇමැතිවරයා පැවසීය.

කොළඹ වරායේ බටහිර පර්යන්තය හා උතුරු පර්යන්තය ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තවදුරටත් සංවර්ධනය කරන අතර ත්‍රිකුණාමල වරාය සංවර්ධය කිරීම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටද පිටිවහලක් වන බවත් ඇමැතිවරයා පැවසීය.

Read more

Local News