පිඟන් සංස්ථාවේ නිෂ්පාදනය 2017 වනවිට සියයට 108.7%කින් වර්ධනය කරගන්න හැකි වුණා

Share

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් අද (29) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ,

විවෘත ආර්ථිකයට ප්‍රවිශ්ට වුනාම තරඟකාරී තත්ත්වයට මුහුණ දෙන්න සිදු වුනා. 2015 සිට සමහර පාඩු වූ ආයතන යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙනවා. පසුගිය වසර දෙක ඇතුළත මේ ආයතන ගැන සතුටු වෙන්න පුළුවන්. සමහර ආයතන ජාතියට බරක් ලෙස තිබුණා. අද අපිට රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතුයි. විදේශ ආයෝජන ගේන්නේ නැතිව, ආයතන කළමනාකරණය කරන්නේ නැතිව ආර්ථිකය ඉහළ නැංවිය නොහැකියි.

රාජ්‍ය බැංකු අතර ලංකා බැංකුව ලෝකයේ බැංකු 14 අතර සිටිනවා. ලංකාවේ ශක්තිමත් ම බැංකුව ලංකා බැංකුවයි. ලංකා බැංකුව ස්ථාවර තත්ත්වයක තිබෙනවා. මහජන බැංකුව ස්වශක්ති ණය යෝජනා ක්‍රමය දියත් කර තිබෙනවා. රට පුරා ස්වයං රැකියා බිහි කිරීමට දායක වී තිබෙනවා. පිඟන් සංස්ථාවේ නිෂ්පාදනය 2017 වනවිට සියයට 108.7%කින් වර්ධනය කරගන්න හැකි වුණා. පරිපාලනය වෙනස් වුනාම මේ ආයතන යථා තත්ත්වයට පත් කරගන්න හැකි වුණා.

ජාතික ගුවන් සේවය ප්‍රධාන වශයෙන් අපට අනන්‍යතාවක් තිබිය යුතුයි. ලෝකයේ ගුවන්සේවාවලින් පමණක් ලාබ ලබන්නේ නෑ. ලාබ ලබන්න විවිධ සේවා තිබිය යුතුයි. අප බැලිය යුතුයි, සමාගමක් බර ගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. රටේ මතයක් යනවා ශ්‍රී ලංකන් විකුණනවා කියලා. ශ්‍රී ලංකන් ශ්‍රේණිගත කිරීම් අතින් පස්වැනි තැනට ඇවිත් තියෙනවා. අලාබය අඩු කරගන්න ඕන කොහොමද? ඒවාට උදව් විය යුතුයි. ගුවන් සේවයක් අපේ කියලා තියෙන්න ඕන. අපිට අපේ ගුවන්සේවයක් අවශ්‍යයි. භාණ්ඩාගාරයට අසීමිත බරක් දිය නොහැකියි යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

Read more

Local News