සිගරට් මිල වැඩි කිරිම හේතුවෙන් බීඩි භාවිතය වැඩි වී ඇති බව අසත්‍යක් – සෞඛ්‍ය අැමති

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අරලියගහ මන්දිරයේ දී ඊයේ (28) පස්වරුවේ පැවැති සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 900 කට සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1146 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි විය. එහිදී ඒ මහතා පැවසුවේ,

ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවිවල සහ සිගරට් මිල වැඩි කිරිම හේතුවෙන් බීඩි භාවිතය වැඩි වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ පළ කරන බවත් එවැනි සංඛ්‍යා ලේඛණ මෙතෙක් සොයාගෙන නැති බවත් ඒ පිළිබඳ සොයා බැලු බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම දුම්කොළ සමාගම ඒ සඳහා විශාල මුදලක් වැය කරන බවත් එක ලිපියකට රුපියල් 150000 ක මුදලක් ගෙවා තිබෙන බවත් නමුත් මුදල් අමාත්‍යාංශය එම සංඛ්‍යා ලේඛණ අසත්‍ය බව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බෝනොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ වගාව වසර 2020 වනවිට තහනම් කිරීමට රජය තීරණය කර ඇති බවත් දුම්වැටි බදු 90% කින් වැඩි කිරීම සහ සිගරට් පැකට් තුල රූපමය අවවාද 80% ක් ඇතුලත් කිරීම රජය ගත් වැදගත් ක්‍රියාමාර්ග වන බවත් ඒ මහතා පැවසුවේය.

 

Read more

Local News