2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සාර්ථක ව අවසන්

Share

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධියේ ගෝලීය පාලනය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව ඊයේ (20) චීනයේ ශැංහයි නගරයේදී අවසන් විය.
මෙවර සමුළුවේ ප්‍රදර්ශන භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂයක් වූ අතර, සමස්ත ප්‍රදර්ශන භණ්ඩ 4,486 ක් ඊට ඇතුළත් විය. ඉන් නිෂ්පාදන 351ක් ලොව පුරා ප්‍රථම වරට එළි දැක්වීම ද මෙහිදී සිදු කෙරිණ.
මෙම සමුළුව මඟින් අපේක්ෂිත ප්‍රසම්පාදන ප්‍රමාණයන් ආසන්න වශයෙන් යුවාන් බිලියන 20.36 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසර හා සසඳන විට 25% ක වැඩිවීමකි.

Read more

Local News