උහුරු කෙන්යාටා දෙවනවරටත් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

Share

කෙන්යාවේ ජනාධිපතිවරයා ලෙස උහුරු කෙන්යාටා දෙවනවරටත් දිවුරුම් දෙනු ලැබීය. සිය දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ පාලන කටයුතු සඳහා විපක්ෂයේ අදහස් ද ලබාගැනීමට බලාපොරොත්තුවන බවය.

අක්‍රමිකතා හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කෙන්යාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමත් සමඟ යළිත් වරක් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවිය. එහිදී ඔහුට 98%ක මනාප ප්‍රතිශතයක් ලබාගැනීමට හැකිවූ බව සඳහන්ය.

කෙන්යාටා 2013 වසරේ සිට එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබේ.

Read more

Local News