Home දේශීය පුවත් තැපැල් නිලධාරීන් 22 වැනිදා වැඩවර්ජනයක්ද ?

තැපැල් නිලධාරීන් 22 වැනිදා වැඩවර්ජනයක්ද ?

0
තැපැල් නිලධාරීන් 22 වැනිදා වැඩවර්ජනයක්ද ?

තම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ලබන 22 වන දින එක්දින සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

පසුගිය වසරේ ජුනි මස 12වනදා සිට 22වනදා දක්වා අඛණ්ඩ වැඩ වර්ජනයක් කල බවත් එයට විසදුමක් ලෙස වැටුප් හා සේවක සංඛ්‍යානු කොමසන් සභාව හා එක්ව වසිදුමක් ලබා දුන්නට එය තවමත් ක්‍රියාත්මක නොවු බවද ඒ මහතා පවසයි.

මේ වන විට වසරක් ගත වී ඇති නමුත් වැටුප් කොමිසන් සභාව විසින් නිසි වාර්තාවක් තවමත් ඉදිරිපත් කර නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

තැපැල්පතිවරයා සමඟ එළඹෙන 15වනදා තිබෙන සාකච්ඡාවේදි නිසි විසදුන් නොලැබුනහොත් අසනීප නිවාඩු වාර්තාකර 22වනදාට සංඛේත වැඩ වර්ජනයක් සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here