පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදි අලෙවි සැලක ගින්නක්

Share

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සලක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, අද අලුයම 5.00ට පමණ ගින්න හටගෙන ඇති බව ය.

ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 3ක් යොමු කර තිබේ.

අද උදෑසන වන විට ගින්න පාලනය කළ බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.

මේ අතර පන්විල, නියදගල කුරුලෑටිය කන්ද ප්‍රදේශයේ ගින්න පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ රාත්‍රියේ මැඩ පවත්වා තිබේ.

Read more

Local News