මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලි උත්පාදනය සදහා ඉලක්කගත ජල ප්‍රමාණය සම්පූර්ණ වෙයි

Share

පවතින අධික වැසි තත්ත්වයත් සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලි උත්පාදනය සදහා ඉලක්කගත ජලය ඊයේ (29) රාත්‍රීය වන විට සම්පූර්ණ වූ බව ව්‍යාපෘති කාර්යාලය පවසයි. විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මිටර් 178  ප්‍රමාණය ඊයේ රාත්‍රිය වන විට සම්පුර්ණ වූ බව ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා සදහන් කළේය.

ජලාශයේ ජලය මගින් ගොවිජනතාවට අවශ්‍ය ජල ප්‍රමාණයන් ලබා දීමසේම ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් මොරගහකන්ද ජලාශයෙන් ඉතාමත් කෙටි කලකින් එක්කල හැකි වීම ජාතියේ වාසනාවක් බව ද දයානන්ද මහතා කියා සිටියේය.

වියලි කළාපයේ ජනතාවගේ ජීවින තත්ත්වය උසස් කිරීම සඳහා ජල අවශ්‍යතා සපුරාලිම ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සිහිනයක් බවට පත්ව ඇති බවත් එය මේ වන විට සැබෑ වෙමින් පවතින බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නුදුරේදීම මොරගහකන්දේ සිට ජාතික විදුලි පද්ධතියට විදුලි මුදා හැරීම සිදුවන බව ද වැඩි දුරටත් සදහන් කළේය.

Read more

Local News