දොඩංගොඩ පොලිස් නිලධාරින්ට පහර දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

Share

දොඩංගොඩ-බොම්ඹුවල තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේදී මුදල් ඔට්ටුවට සුදු සෙල්ලම් කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී දොඩංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට පහර දීමක් සිදුකර ඇති බවට වාර්තා වෙයි.

පහර දීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ප්‍රථිකර ලබමින් සිටී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසිය විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධව වයස අවුරුදු 39ක් වු තිත්තවැල්ගොඩැල්ල, බෝම්බුවල ප්‍රදේශයේ පදිංචි සැකකරු ඊයේ(16) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද(17) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දොඩංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News