මත් ගුලි තොගයක් සමඟ අයෙක් ගම්පහ දී අල්ලයි

Share

ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී නීති විරෝධී මත් ගුලි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඔහු සතුව තිබී ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 532ක තොගයක් සොයාගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි අයෙකු වන අතර ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News