ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදාගන්න – ජනපති

Share

ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන ලෙස අදාළ අංශ වලට උපදෙස් දී තිබේ.

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා එහි සිට අද (30) පෙරවරුවේ අාපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයා දුරකථනයෙන් අමතමින් මෙම උපදෙස් ලබා දී අැති අතර විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා සහ ඔවුන් මුදාගැනීමේ කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යෙදවීමට උපදෙස් ලබාදී අැත.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් අාපදා තත්වයට මුහුණ දී අැති ධීවරයන් අැතුළු පිරිස් සිටී නම් ඔවුන් සොයා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී අැත.

Read more

Local News