ධීවර කටයුතුවල යෙදීමෙන් වලකින්නැයි ධීවර ප්‍රජාවට දැනුම් දෙයි

Share

මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ලබන 21 වනදා දක්වා ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80ත් 90 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර පවතින අද(19) පස්වරුවේ ද දිවයිනේ බස්නාහිර දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 70ත් 80ත් පමණ වන තද සුළං ඇති විය හැක.

එමෙන්ම මධ්‍යම සහ සබරගමු පළාත් වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News