එජාපෙ ප්‍රමුඛ නව සන්ධානය අගෝස්තු 5දා ජන හමුවට

Share

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය අගෝස්තු 5 වනදා ජනතාව හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් මෙම නව සන්ධානය නම් කර ඇති බවයි.

එම අවස්ථවේ දී වැඩිදුරටත් සිය අදහස් පල කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අපේ සන්ධානයේ මූලික වැඩ කටයුතු අවසන්.

සන්ධානයේ ව්‍යවස්ථාව හදලා ඉවරයි. ලංඡන තීන්දු කරලා තියෙන්නේ.

මේ දවස් වල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදාගෙන යනවා.

එය පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරලා අගෝස්තු 5වනදා පෙරවරු 10ට සුභ මොහොතින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ජනතාවට පූජා කරනවා අළුත් පෙරමුණ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස අපි එන්නේ. අපි ධජය පවා විවිධ වර්ණවලින් ඉදිරිපත් කරන්නේ.

නායකත්ව මණ්ඩලයකින් සන්ධානය අපි ගොඩනගන්නේ.

ලංකා ඉතිහාසයේ අලුත්ම අයුරකින් මේ වැඩසටහන අපි ගේන්නේ.

රටේ ජනතාවගේ අනාගතය ගොඩනඟන්න දැවැන්ත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා.

අනාගත සියලුම මැතිවරණ මේ ඔස්සේ ජයග්‍රහණය කරන්න අපි අපේක්ෂා කරනවා.

ඒකාන්තයෙන්ම ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අපි ජනතාවත් සමඟ එකතු වෙනවා.”

Read more

Local News