විධිමත් ජාතික බහුතික සැලසුමක් රටට හඳුන්වාදීමට නියමිතව තිබෙනවා

Share

යකඩ සපත්තුවෙන් සංවර්ධනය නොකරන බවත් විධිමත් ජාතික බහුතික සැලසුමක් රටට හඳුන්වාදීමට නියමිත බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

ව්‍යාපෘති 500ක් නිසි පරිසර ඇගයීම කරලා, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ආනුකූලව ක්‍රියාත්මක කරලා, මහා භාණ්ඩාගාරයට බරක් නොවී ශක්තියක් වීමට කටයුතු කළා. 2014 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය 14.9%යි. අවිචාරිමත් ඉදිකිරීම් ක්‍රියාවලියක් වෙනුවට විධිමත් ඉදිකිරීමේ ක්‍රියාවලියක් සහිතව වැදගත් පියවරක් තබන්න හැකි වුණා.

අපි විප්ලවීය පරිවර්ථනය නොවෙන්න, විදේශ ආයෝජන වැඩියෙන් ගලා එන්න හැකි වුණා. ණය බුබුලක් මඟින් එදා ඉදිකිරීම් සිදු වුණා. ස්‍රජු ආයෝජන මඟින් මේ ආණ්ඩුව සංවර්ධනය කරා ඉදිරියට යෑමට හැකි වුණා. ත්‍රිකුණාමලය සංකල්ප සැලැස්ම මේ දෙසැම්බර් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. අම්බලන්ගොඩ සිට තිස්සමහරාමය දක්වා, යාපන කිළිනොච්චි කොරිඩෝ හදුනාගෙන යටිතල ආයෝජන සිදු කරන්න හඳුනාගෙන
තිබෙනවා.

මහනගර සැලසුමට මහා පරිමාණයෙන් ආයෝජනය කරන්න හැකියාවක් නෑ. කොමිස් ගනනේ නෑ. අනාගතපරපුර ණය බර ඇති කරන ව්‍යාපෘතියක් නොවේ අනාගත පරපුර ශක්තිමත් කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ. රටට අලුත් ආදර්ශයක් අප හඳුන්ව දී තිබෙනවා. පෞද්ගලික හා රාජ්‍ය අංශයත් එකතු කරලා දැවැන්ත ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑම සිදු කරනවා. බ්ලූමැන්ඩල් ප්‍රදේශය ලබන වසරේ විධිමත් සංවර්ධනය කරනවා.

Read more

Local News