ත්‍රස්ත ප්‍රහාරය ගැන තොරතුරු දුන් පුද්ගලයාට මුදල් ත්‍යාගයක්

Share

ත්‍රස්ත ප්‍රහාරයේ තොරතුරු සැපයු පුද්ගලයකු සඳහා ඇඟයීමට ලක්කර ත්‍යාග මුදලක් පිරිනැමීට පොලීසිය තිරණය කර තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව තොරතුරු සැපයු පුද්ගලයකු ඇඟයීමට ලක් නොවු බවට එම පුද්ගලයාගේ හඬපටයක් සමඟ පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රවෘත්තියක් විකාශ විය.

එම ප්‍රවෘත්තිය පිළිබඳ පොලිස් මුලස්ථානයේ අවධානය යොමු වී ඇති අතර මෙම පුද්ගලයා විසින් පොලීසියට සාර්ථක තොරතුරු දෙකක් සපයා දී තිබේ.

ඉන් එක් තොරතුරක් මත 2019.04.26 වන දින සමන්තුරේ සෙනගල් ග්‍රාමය ප්‍රදේශයේ නිවසක සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වී අතර ඔහු විසින් ලබා දුන් අනෙක් තොරතුර මත 2019.04.26 දිනම සමන්තුරේ නින්දවුර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වි ඇත.

මොහු ලබා දුන් තොරතුරු වන සාර්ථකභාවය සැලකිල්ලට ගෙන එක් තොරතුරක් සඳහා මුදලින් රුපියල් ලක්ෂ 25 බැඟින් රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් ඔහුට ලබා දීමට වැඩබලන පොලිස්පතිතුමා විසින් අනුමත කර ඇත.

Read more

Local News