මහින්ද රජයේ ප්‍රතිපත්තිය මෙන්න

Share

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ (23) පස්වරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් හා පර්යන්තය කළමණාකරන කටයුතු පුද්ගලික සමාගමකට දිගුකාලීනව බදු දීමට රජය කටයුතු කරගෙන යන බවත් දැනට ලොව ඇති විශාලතම නැව්ගෙන ආ හැකි එකම පර්යන්තය නැගෙනහිර පර්යන්තය බවත් වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් මෙහිදී පැවසීය.

තවද, වත්මන් රජයේ මෙම ක්‍රියාව මඟින් අනාගතයේ රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොපවතිනු ඇති බැවින් රැකියා ලාභීන් 10,000ට පමණ රැකියා අහිමිවීමේ අභියෝගයක්ද පවතින බවයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පුද්ගලීකරණය තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් පසුගිය ආණ්ඩු විසින් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, වතු සමාගම් වැනි ආයතන තම රජය පැවති සමයේ රජයට පවරා ගත්බව සඳහන් කළ විපක්‍ෂ නායකවරයා නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතද ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරුන්ද  එක්වූහ.

Read more

Local News