කෘෂි ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින්ට ණය යෝජනා ක්‍රම 3ක්

Share

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය කෘෂි ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින්  දිරිගැන්වීම සඳහා හඳුන්වාදී ඇති ප්‍රමුඛතම ණය යෝජනා ක්‍රමයකි.

මෙම ණය යෝජනා ක්‍රමය කාණ්ඩ තුනක් යටතේ සිදු කෙරේ.

පළමු කාණ්ඩය යටතේ සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන් සහ විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන්නන්ට සිය කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා රුපියල් මිලියන 05 ක උපරිම සීමාවකට අනුව ණය ලබාදීම සිදුකරනු ලබයි.

දෙවන කාණ්ඩය යටතේ කෘෂි හා මත්ස්‍ය සැකසුම් සහ නවීන පහසුකම් සහිත බහුදින යාත්‍රා ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 300ක උපරිමයකට යටත්ව ණය ලබා දෙන අතර, වාණිජ කර්මාන්තයේ යෙදෙන සමාගම් සඳහා ‍රුපියල් මිලියන 750ක් දක්වා විශාල ණය පහසුකම් ලබාදීම තුන්වන කාණ්ඩය යටතේ සිදුකෙරේ.

සෑම ප්‍රතිලාභියෙකුටම වසරක සහන කාලයක් ද ඇතුළුව වසර හතක් ඇතුළත දී මෙම ණය මුදල් පියවීමට අවස්ථාව ලබාදී ඇත.

Read more

Local News