ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් ටෙස්ට් තරගය අද

Share

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නවදිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී අද (2) තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වේ.

දෙවැනි ටෙස්ට් තරගයේදී මෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණුතම පරාජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

අද තරගයේදී තිරිමාන්න වෙනුවට ධනංජය ද සිල්වා නම් කිරීමට නියමිතව ඇති බවත්, මීට අමතරව තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ ස්ථානය වෙනුවෙන් රොෂේන් සිල්වා එක් කිරීමේ සැලසුමක් පිළිබඳවත් වාර්තා විය. ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම ද තරගාවලිය පුරා මෙතෙක් දස්කම් පෑමට අසමත්වූ අතර ඔහුගේ ස්ථානයත් අද තරගයේදී අහිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

Read more

Local News