සඳුදා සිට නිවාස දේපළ හානි වූ අයට වන්දි ගෙවීම්

Share

සුළිසුළං හා අධික වැසි හේතුවෙන් නිවාස සහ දේපොළ හානියට පත් අයට වන්දි ගෙවීම අනිද්දා (04) සිට අරඹන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශවලට උපදෙස් දී තිබේ. දකුණු මුහුදු තීරයේත් බස්නාහිර හා ඌව පළාත්වලටත් බලපෑම් එල්ල කළ සුළිසුළං හා තදවැසි හේතුවෙන් අලාභ හානි වු දේපොළ පිළිබඳව ප්‍රාදේශිය ලේකම්වරුන් කරනු ලැබු තක්සේරු වාර්තා සති අන්තය වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයටත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයටත් ලැබීමට නියමිතය.

දැනට රැස් කර ඇති දත්ත සහ ඉදිරි දින දෙක තුළ තහවුරු කර ගන්නා කරුණුවලට අනුව දේපොළ හානි වු සියලු දෙනාට සඳුදා(04) සිට වන්දි ගෙවීම අරඹන ලෙස අගමැති වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ස්වභාවික පීඩාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඊයේ (01) දිස්ත්‍රික් ලේකම් ලේකම්වරුන් වෙත නිකුත් කිරිමට අගමැති වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දේපොළ හානි තක්සේරු කිසිදු පමාවකින් තොරව කඩිනමින් කළ යුතු බවත් අමතර වන්දි ගෙවීමට ඇතිනම් ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දී මුදල් අමාත්‍යාංශය හරහා මුදල් වෙන් කර කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read more

Local News