පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසයේ දී – අගමැති

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ නිදහස් දිනයෙන් පසු එළැඹෙන පළමු සෙනසුරාදා පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බව ඊයේ (03) පැවැසුවේ නාගොල්ලා‍ගොඩ හමන්නාපහුවේ පැවැති ජනහමුවක් අමතමිනි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක්ව පැවැති අභියාචනාධිකරණයේ පැවැති පෙත්සම ගැන පෙත්සම්කරුවන්ට කථා කිරීමෙන් පසු එය ඉල්ලා අස් කර ගැනීමට ඔවුන් ක්‍රියා කළ නිසා මුළු රටේම මැතිවරණය එකම දිනක පැවැත්වීමට හැකි වන බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට එකඟ වීම ගැන පෙත්සම්කරුවන්ට ස්තූතිය පුද කළේය. මැතිවරණය නිසි කලට පැවැත්වීමට ලැබීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව ද අගමැතිවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දවස පුරා බිංගිරිය ආසනයේ විවිධ ස්ථානවල පැවැති වැඩසටහන් ගණනාවකට සහභාගි විය.

බිංගිරිය ශීලාපොක්ඛරණී රජමහා විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත බෝධි ප්‍රාකාරයට මුල්ගල් තැබීම, බිබිලාදෙණිය පාලම ජනතා අයිතියට පැවරීම, දුම්මලසූරිය, කූලි/ ශාරිපුත්‍ර කණිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, ඇතුන්ගහකොටුව, මුස්ලිම් මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවන්ට සහ බිංගිරිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වෙළෙඳ කලාපයේ කටයුතු නිරීක්ෂණය කර එහි සැලසුම් කටයුතු පිළිබඳ සාකච්ජාවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ සහභාගි විය. අනතුරුව නාගොල්ලාගොඩ, හමන්නාපහුව මංසන්දියේ පැවති ජනහමුවකට එක් විය.

Read more

Local News