හමුදාපති අද යළි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(31) යළි රැස්විමට නියමිතයි.

පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වන බව ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසුවේය.

යුධ හමුදාපති මහේෂ් සේනානයක මහතා අද යළි කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබේ.

මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද අද දිනෙය් කාරක සභාවට කැඳවා ඇති බව සඳහන්ය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සුපුරුදු පරිදි ජනමාධ්‍ය සඳහා විවෘත කෙරෙන බව ද ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read more

Local News