පුද්ගලයෙකුට පහරදී සිරකරගෙන සිටි 3ක් අත්අඩංගුවට

Share

බණ්ඩාරගම, කොස්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී අයුතු ලෙස සිරකරගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලිමකදී අදාල සැකකරුවන් අත්අඩංගුවවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තුවාලකරු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකරගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ පැහැරගෙන යාම සඳහා භාවිතා කළ වෑන් රථයේ රියදුරු වෙයි.

ඔවුන් බණ්ඩාරගම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි, 42 හැවිරිදි සහ 58 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකි.

තුවාලකරු සේවය කළ ස්ථානයේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් අයිතිකරු විසින් මෙලෙස තුවාලකරු පැහැරගෙන තිබෙන බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(01) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News