වියළි කාලගුණය නිසා දිස්ත්‍රික්ක 20කට බලපෑම්

Share

වියළී කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 06ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් ලක්ෂ එක හමාරක පමණ පිරිසක් පානීය ජල ගැටළුවකට මුහුණදී සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථෘනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ උතුරු පළාතේ ජනතාව වැඩි වශයෙන් වියළි කාලගුණය හෙතුවෙන් පිඩාවට පත් වී ඇති බවයි.

යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන ප්‍රදේශ මෙන්ම නැගෙනහිර පළාතේ ද ජනතව වියළි කාලගුණය හෙතුවෙන් පිඩා විදින බව ඒ මහතා පවසයි.

මෙම දින වල පවතින වියළී කාලගුණය හෙතුවෙන් පානීය ජලය පාවිච්චි කිරීමේදි ඉතාම පරිස්සම්කාරී වන ලෙසද ඒ මහතා පවසයි.

වියළි කාලගුණයත් සමඟ ඇතැම් පිරිස් කැලෑ ගිනි තැබීම් සිදු කරන අතර එම නිසා විශාල වශයෙන් කැලෑ ප්‍රදේශ විනාශ වි ඇති බවද ඒ මහතා අවධාරණය කරයි.

117 දුරකථන අංකය ඔස්සේ කැලෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කල හැකි බවද ඔහු පැවසීය.

Read more

Local News