කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ ස්ථාන මාරුව අවලංගුයි

Share

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලබා දී තිබු ස්ථාන මාරු වීම අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසමේ තීරණය කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් ඊයේ(01) දිනයේ රැස්වී නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ත්‍රිකුණාමලය කොට්ඨාශයට මාරුකර යැවීමට අනුමැතිය ලබාදී තිබුණි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ යළි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එම ස්ථාන මාරුවීම අවලංගු කිරීමට තීරණය කළ බව වාර්තා වෙයි.

Read more

Local News