වන අලි පහරින් දැරියක් ජීවිතක්ෂයට

Share

මහියංගන දඹගල්ල කුඩාවැව ගම්මානයේ වයස අවුරුදු අටක දැරියක් අද(05) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

බරපතළ තුවාල ලැබූ දරුවාගේ මිත්තණිය මහියංගන රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහියංගන කුඩාවැව ප්‍රදේශයේ පදිංචි ජේ එම් ශාලිකා මධුෂාණී නැමැති වයස අවුරුදු අටක දැරියකි.

ගම්වැදුණු වන අලියා එම නිවසේ ඇති වී ආහාරයට ගැනීමට සඳහා බිත්තියක් පෙරළා නිවසට ඇතුල් වීමට තැත් කිරීමේදී පෙරළුණු බිත්තියට යටවීමෙන් එම දරුවා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට පොලසීය සැක කරයි.

අනතුර සම්බන්ධයෙන් මහියංගන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News