තමන් රජ පුටුවේ වාඩි වුණොත් තමයි තමන්ට හරියන්නේ

Share

එක්සත් ජාතික පක්ෂය තුළ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ද ජනාධිපති අපේක්ෂයා තෝරා පත් කර ගැනිමේදී ඇත්තේ බල තණ්හාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දෙනියායේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

“හෙට පිණිස මිනිස් සමූහයක අපේක්ෂාවේ එකමුතුව” සම්මන්ත්‍රණ මාලාවේ දෙනියාය සම්මන්ත්‍රණය ඊයේ (04) පස්වරුවේ පැවැත් විය.

සාමාන්‍යයෙන් අතීතයේ ඡන්ද යුද්ධ පැමිණෙන්නේ ඡන්ද කාලේ වුවත් දැන් වන විට, දැන් ඡන්දේ යුද්ධය පක්ෂය ඇතුළේ නිර්මාණය වී ඇතැයි ද පැවසීය.

ආරංචි අනුව එක්සත් ජාතික පක්ෂය විසින් අගෝස්තු 5 වන දා මහා සන්ධානයක් හදන බවට අඩබෙර ගසා පැවසු බවද කියා සිටි අනුර කුමාර මහතා, පසුව සන්ධානය නොමැති බවට නිවේදනයක් එන බව ද කියා සිටියේය.

අපේක්ෂකයින් පත් කර ගැනීමට ඇති පොරය නිසාවෙන් මෙම තත්ත්වය ඇති බව තිබෙන බවත් පැවසු දිසානායක මහතා, “තමන් රජ පුටුවේ වාඩි වුණොත් තමයි තමන්ට හරියන්නේ “ යනුවෙන් පැවසීය.

පක්ෂයක් නම් එවැනි පොරයක් අනවශ්‍ය බවද පැවසු ඒ මහතා රාජපක්ෂ මහතා තවමත් මල්ලි වුවත් අපේක්ෂත්වය ලබා දීමට සුදානම් නොමැති බවද කියා සිටියේය.

තමන්ගේ පවුලට සැලකීමට නම් තමන් රජ විය යුතු යැයි ද පැවසු අනුර කුමාර මහතා, එනිසා අද වන විට පොදු ප්‍රතිපත්තියක් අවශ්‍යව ඇති බවත් තනි පුද්ගලයෙකුට කිසිවක් කල නොහැකි බවත් පැවසීය.

සමඟිය ඇති ව්‍යාපාරයකට පමණක් මේ රට හැදිය හැකි බව පැවසු ඒ මහතා එයට කැප කිරීමක් අවශ්‍ය බවද සඳහන් කළේය.

Read more

Local News