සුදුසුකම් සපුරා ඇති සියලුම ගුරු සහයකයින් ගුරු සේවයට – අධ්‍යාපන අැමති

Share

ඉදිරියේ දී, සුදුසුකම් සපුරා ඇති සියලුම ගුරු සහයකයින්, ලංකා ගුරු සේවයේ 03 – I ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ මහතා ප්‍ර‍කාශ කළේ මෙසේ බඳවා ගන්නා ගුරු සහයකයින් රුපියල් 31060ක වැටුපකට අන්තර්ග්‍ර‍හණය කිරිමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය දා පාර්ලිමේන්තු සැසිවාරයක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ගුරු සහයක සේවාව ගෞරවනීය සේවාවක් බවට පත්කිරීම සඳහා ද වත්මන් රජය දැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළේය.

2014 වර්ෂයේ දී  අවිධිමත් ලෙස බඳවා ගන්නා ලද ගුරු සහයකයින්ගේ මාසික දීමනාව වත්මන් රජය බලයට පත්වන විට ද රුපියල් 6000 කට පමණක් සීමා වී තිබූ බවත් තමන් මැදිහත්ව කැබිනට් පත්‍රිකාවක් මඟින් එම දිමනාව රුපියල් 10000 ක් දක්වා වැඩිකළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Read more

Local News