නාවලපිටියේ ගමක් බය කරමින් සිටි දිවියෙකු ගම්වාසින් අල්ලයි

Share

නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දඕවිට ප්‍රදේශයේ ගමක් භිතියට පත් කරමින් සැරිසැරු හඳුන් දිවියෙකු උඟුලක් අටවා අල්ලාගැනීමට ගම්වාසින් අද(06) උදැසන සමත්ව තිබේ.

මහවැලි ගඟට ආසන්නයේ පිහිටි ජයසුන්දරඕවිට ගම්මානයට මහවැලි ගඟ අසල ලදු කැළෑවක හඳුන් දිවියන් විශාල පිරිසක් සිටින බවත්, රාත්‍රි කාලයේ තම ගම්මානයට පැමිණෙන හඳුන් දිවියන් නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කර කුකුලන්ද රැගෙන යන බව ගම්වාසින් පවසයි.

ජයසුන්දරඕවිට ගම්වාසින් ගම්මානයේ සැරිසරන හඳුන් දිවියන් පිළිබඳව වනජීවි නිලධාරින් දැනුවත් කළත් එයට නිසි ප්‍රතිචාර නොලැබිම නිසා ගම්වාසින් සියළු දෙනා එක් වි මුදල් රැස් කර ගම්මානයේ සැරිසරන හදුන් දිවියන් අල්ලා වනජිවි නිලධාරින්ට නිරුපද්‍රිතව භාර දීමට ජයසුන්දරඕවිට ගම්වාසින් කටයුතු කර තිබුණි.

ගම්වාසින් විසින් අටවා තිබු උඟුලට ඉකුත් 4 වෙනිදා හදුන් දිවි පැටවෙකු හසු වි තිබු අතර, එම හඳුන් දිවි පැටවා වනජිවි නිලධාරින් වෙත භාර දිමට ගම්වාසින් කටයුතු කර තිබුණි.

අද අල්ලාගත් හදුන් දිවියා පිරිමි සතෙකු බවත්, එම හඳුන් දිවියා වනජිවි නිලධාරින්ට භාර දිමට කටයුතු කරන බව ගම්වාසින් පැවසීය.

ජයසුන්දරඕවිට ගම්වාසින් හඳුන් දිවියා අල්ලා ගැනීමට සිදුකල මෙහෙයුමට ආරක්ෂිත කැමරා පද්ධතියක්ද සවි කර තිබුණි.

Read more

Local News