මම කිසිම විටකදී සෘණාත්මකව හිතන්නේ නෑ

Share

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත් විය.

එම රැස්වීමෙන් අනතුරුව මැති ඇමතිවරු මාධ්‍යට අදහස් පළ කළේය.

එහිදි රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ එම සාකච්ඡාවේදි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝවහන්සේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ගැනද කරුණු විමසු බවත් ඉදිරියේදි ඒ පිලිබඳව යම් තීරණයකට එළඹෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසු බවත් ඒ මහතා පැවසීය.

එහිදි කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එකතුව සාකච්ඡා කර නිවැරදි තීරණයක් ගනු ඇති බවයි.

එමෙන්ම මාධ්‍යවේදින් නැඟු පැනයකට පිලිතුරු ලබා දෙමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පැවසුවේ තමන් කිසිඳු විටකදී සෘණාත්මකය නොසිතන බවයි.

රටේ ජනතාව සම්බන්ධයෙන් ධනාත්මක චින්තනයක් තමන් සතු බවත් සුබ වාදී දේ ඉදිරියේදි අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News