වැලිවිට සුද්දා ගිනි අවියක් සමඟ STF අත්අඩංගුවට

Share

බත්තරමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යව සිටි සැකකරුවෙකු විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ද සමඟ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

32 හැවිරිදි මහේෂ් වසන්ත දිසානායක නොහොත් “වැලිවිට සුද්දා” නමැති මෙම සැකකරු මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 16යි මිලි ග්‍රෑම් 660ක්, විදෙස් රටක නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 10ක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට භාරදී ඇත.

ඔහු අද(06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News