හෙද සේවාවේ 1603කට පත්වීම් ප්‍රදානය 8 වනදා

Share

ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලාංකීය ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව 2015 ඒ තුන් වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් 686 කට පත්වීම් ප්‍රදානය හා පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය පිළිබඳ පුහුණුවට 802 ක්, මහජන සෞඛ්‍ය හෙදකම සහ වින්නඹු කර්මය පිළිබඳ පුහුණුවට 115 ක් වශයෙන් පුහුණුවට බදවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.

පත්වීම් ප්‍රධානෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස(08) එනම් බ්‍රහස්පතින්දා දින අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Read more

Local News