අද්මිරාල් කරන්නාගොඩ හා හිටපු ගුවන් හමුදාපති ගෞරවනීය නිලයකින් පිදුම් ලබයි

Share

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ.

ත්‍රස්තවාදය රටින් තුරන් කිරිම සඳහා සිදු කළ අද්විතිය මෙ‍හෙවර ඇගයීම උදෙසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම ගෞරවනිය නිලයන් පිරිනමා ඇත.

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලයෙන් ද හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයෙන් ද පිදුම් ලබා තිබේ.

Read more

Local News