මවුස්සාකැලේ ජලාශයට මිරිදිය ඉස්සන් දෙලක්ෂ හැටදහසක්

Share

ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති ලේකම් කාර්යයාලය එක් ව මවුස්සාකැලේ ජලාශයට මිරිදිය ඉස්සන් පැටවුන් දෙලක්ෂ හැටදහසක් අද(07) මුදා හැර ඇත.

මවුස්සාකැලේ ජලාශයේ ධිවරයන්ගේ අදායම් තත්ත්වය ඉහළ දැමිමටත්, වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමටත්, වතුකරයේ ජනතාවට අඩු මිලකට ඉස්සන් ලබාදිමේ අරමුණින් මෙසේ මවුස්සාකැලේ ජලාශයට ඉස්සන් පැටවුන් මුදා හැර ඇත.

ජතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන කහදමෝදර මිරිදිය ඉස්සන් අභිජනන කරන ලද ඉස්සන් පැටවුන් මෙසේ ජලාශයට මුදා හරිනු ලැබුවේය.

ජලාශයට මුදා හැරි ඉස්සන් පැටවුන් වසරක් වැනි කාලයක් තුල ග්‍රැම් 500 සිට ග්‍රැම් 750 දක්වා වැඩෙන බවත්, මිරිදිය ඉස්සන් කිලෝවක් රු 1500 වැනි මිලකට මවුස්සාකැලේ ජලාශයේ ධිවර කර්මාන්තයේ නියැලි සිටින ධිවරයන් අලෙවි කරන බව ජතික ජල ජිවි වගා සංවර්ධන අධිකරියේ නුවරඑලිය කාර්යයාලයේ ව්‍යපෘති භාර නිලධාරින් බුද්ධික කුෂාන් මහතා පැවසීය.

ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකරි කාර්යයාලය මගින් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මිට ප්‍රථාම මුදා හැර ඇති ඉස්සන් පැටවුන්ගේ අස්වැන්න මේ දින වල ධිවරයන් විසින් නෙලන බවත්, මිරිදිය ඉස්සන් මිල දි ගැනිමට එම ජලාශ අවට පිහිටි සංචාරක නිකේතන වලින් සහ ප්‍රදේශවාසින්ගේ විශාල ඉල්ලුමක් පවතින බව ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලයේ ව්‍යපෘති භාර නිලධාරින් බුද්ධික කුෂාන් මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News