වතු කම්කරුවෙකුගේ නිවසකට පහර දීමට සැකපිට 12 ක් අත්අඩංගුවට

Share

හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතු යායේ වතු කම්කරුවෙකුගේ නිවසකට පහර දි අලාභ හානි සිදු කළ 12 දෙනෙකු හැටන් පොලිසිය මගින් ඊයේ(06) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

බිමත්ව පැමිණි පිරිසක් මුගුරු වලින් තමන්ට සහ නිවසට පහර දි දේපල වලට අලාභ හානි සිදු කළ බව පහරකැමෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන මුත්තු ක්‍රිෂ්ණන් මහතා පවසා තිබේ.

පහරදිමට සම්බන්ධ ප්‍රධාන සැකකරු දින කිහිපයකට ප්‍රථම තම නිවසේ පැවති සාදයකට පැමිණ සාදයෙන් අනතුරුව තම සැමියාට පහර දිමක් සම්බන්ධයෙන් හැටන් පොලිසියට ඊයේ (06) දින පැමිල්ලක් කල බවත්, පොලිසියට පැමිණිලි කිරිමට උරණ වු ප්‍රධාන සැකකරු අතුළු තවත් 12 දෙනෙකු ඊයේ රාත්‍රි 9.00ට පමණ තම නිවසට පැමිණ නිවසේ දොරවල් සහ ජනේල වලට, නිවසේ තිබු ගෘහ උපරකවලට, විදුලි උපකරණවලට පහර දි අලාභ හානි කල පලා ගිය බවයි මුත්තුක්‍රිෂ්ණන් මහතාගේ බිරිඳ පැවසුවේ.

පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ඊයේ රාත්‍රි යලිත් කළ පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් තම වතුයායට පැමිණ පහර දිමට සම්බන්ධ 12 දෙනෙකුව සැකපිට අත්අඩංගුවට ගත් බව නිවැස් හිමියන් ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේ සහ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔහුන් අවුරුදු 22 සිට අවුරුදු 30 වයස් කාණ්ඩ වල පසුවන අය බව හැටන් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News