නාමල් බේබිට නයිට් රේස් පදින්න ඩොලර් හෙව්වේ ඇඟලුම් සේවිකාවෝ

Share

ශ්‍රී ලංකාවට වැඩිම ආදායමක් උපයා දෙන්නේ ඇඟළුම් කර්මාන්තය බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඔවුන්ගේ රැකියාවේ අභිමානය නැති කළ බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.

අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“ අපේ රටේ ආර්ථිකයේ වැඩිම මුදලක් ලබාගත්තේ ඇඟලුම් තුළින්. සුද්දියන්ට යට ඇඳුම් මහනවා කියලා අහිංසක දැරියන්ගේ රැකියාවේ අභිමානය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නැති කළා.

නයිට් රේස් පදින්න නාමල් බේබිලට ඩොලර් වලින් ගෙවන්න ඕන. ඔය ඩොලර්ටික හම්බකරලා දුන්නේ ඇඟලුම් කර්මාන්තශාලාවල ඉන්න දරු දැරිවියෝ”

Read more

Local News