කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Share

සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයට ගස් කඩා වැටීම නිසා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගයට ගස් කඩාවැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇති බවයි.

මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ අතර උතුර, උතුරු මැද,බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට වැඩිවිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විශේෂයෙන් සවස් කාලයේදී සහ රත්‍රී කාලයේදී සුළඟේ වේගය ක්ෂණිකව ඉහළයාමේ හැකියාවක් පවතින බවයි.

Read more

Local News