එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පිරිසක් හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් පිරිසක් හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර සාකච්ජාවක් ඊයේ(09) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

උතුරු පළාතේ වර්තමාන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිත නඟා සිටුවීම හා පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කරනු ලැබීය.

සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ රජය සෑම අවස්ථාවකම උතුරේ ජනතාවගේ ජන ජිවිතය නංවාලීමට අවහ්‍ය සියළු සහයෝගය ලබාදෙන බවයි.

උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු හා ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙසටද ආණ්ඩුකාරවරයා ඉල්ලීම් කරනු ලැබීය.

Read more

Local News