ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්

Share

රජයේ පාසල් වල ඉංග‍්‍රීසි භාෂා ගුරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂා කුසලතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවලක් ආරම්භ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක බවයි.

දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තෝරාගත් ඉංග‍්‍රීසි ගුරුවරුන් 500ක් ඒ සඳහා තෝරා ගෙන තිබේ.

මේ හරහා ලබාගන්නා ඇගයීම් වාර්තා අනුව ගුරුවරුන්ගේ අවම ප‍්‍රවීණතා මට්ටමක් සොයා බැලීමට නියමිතයි.

අවම ප‍්‍රවීණතා මට්ටම ඉක්මවන ගුරුවරුන් සඳහා දිරි දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

Read more

Local News