මත්ස්‍ය අපනයනය ඉහළ යනවා – විදුලි බල පද්ධතිය විශාල පරිවර්ථනයකට ලක් වෙලා

Share

රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂයේ විවාදයට අඳහස් දක්වමින් පැවසුවේ,

තිරසර සංවර්ධනය තුළින් රට ඉදිරියට යෑමේදී ධීවර, තෙල් හා විදුලි බල අමාත්‍යාංශ විශේෂ වැඩකොටසක් කරනවා. පසුගිය රජය කාලේ ධීවරයන්ට වෙඩි කා මැරෙන්න සිදු වුණා. ධීවර කර්මාන්තය ශක්තිමත් වූ යුරෝපා මත්ස්‍ය අපනයට තහනමක් දැම්මා. අද මත්ස්‍ය තහනම ඉවත් කළා. මත්ස්‍ය අපනයනය ඉහළ යනවා. ධීවරයන්ට යටිතල පහසුකම් සපයා දීලා, නවීන තාක්ෂණයෙන් හා දැනුමෙන් ඉදිරියට ගෙන ගොස් නව පෙරළියක් ඇති කළ හැකියි.

නීත්‍යාණූකූලව ධීවර රස්සාව කරන්න වාතාවරණයක් හදනවා. වෙරළ ඛාදනය නොවන ලෙස ධීවර වරායන් සංවර්ධනය කළ යුතුයි. විදුලි බල පද්ධතිය විශාල පරිවර්ථනයකට ලක් වෙලා. පහැදිළි මඟක් පේනවා. තිරසර සංවර්ධනය ගැන කතා කරන විට තිරසර සංවර්ධනයට විදුලි බලය පරිවර්තනය කළ යුතුයි. තරඟකාරී ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. විදුලිබල පද්ධතිය අඛණ්ඩ හා ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ විදුලි සැපයුමකට  පරිවර්තනය කළ යුතුයි. නොරොච්චෝලේ බලාගාරය විශාල අළු කන්දක් ගොඩගැහෙනවා. එයට වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News