හජ් වන්දනාව වෙනුවෙන් අගමැතිගෙන් සුබ පැතුම්

Share

සමානාත්මතාව සහ සහෝදරත්වය ප්‍රමුඛ කොටගනිමින් ගොඩනැගී ඇති ඉස්ලාම් දහමේ සියලූම වත්පිළිවෙත්, ආගමික උත්සව එකී අගනා අධ්‍යාත්මික සහ සමාජ වටිනාකම් තහවුරු කරන්නට ඉස්ලාම් බැතිමතුන් නිරන්තරයෙන් යොමු කරන අරමුණින් සංවිධානය වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හජ් වන්දනා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

සමාජය තුළ වන ඇති-නැති පරතරය, විවිධ භේදයන් දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ද ප්‍රමුඛ අරමුණ බවත් ලොව පුරා විසිර සිටින ඉස්ලාම් ජනතාව කිසිදු භේදයකින් තොරව එක් රැස්ව උරෙනුර ගැටී ලෝක සාමය වෙනුවෙන් දෙවියන් නමදින ජාත්‍යන්තර සමුළුවක් ලෙස ද හජ් උත්සවයට විශාල වටිනාකමක් ලැබෙන බවත් අගමැතිවරයා පවසයි.

හජ් උත්සවයේ පරමාර්ථ යථාර්ථයක් බවට පත් වන ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි සහෝදර ඉස්ලාම් ජනතාවට හෘදයාංගම සුභාශිංසන පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

Read more

Local News