ජනපති හා විපක්ෂ නායක අතර පැවති සාකච්ඡා සාර්ථකයි

Share

ජනාධිපතිවරයා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡා ඉතා සාර්ථකව පැවැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

නුවරදී  පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ප්‍රබලම දේශපාලන පක්ෂයක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ඇති අයිතිය ජනාධිපතිවරයා පිළිගනු ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News