ජවිපෙ ගත් සතුටුදායක තීරණයක් ගැන මුසම්මිල් කියයි

Share

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය පිළිබඳ සතුටට පත්වන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද (13) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය අවසානය දක්වා එම තීරණයේ රැදී සිටිනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිලිගැනීම වෙනුවෙන් ඊයේ (12) බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළිය සම්බන්ධයෙන් ද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අදහස් දැක්වීය.

Read more

Local News