නොමිලේ පෙළපොත් දීම 16 වනදා සිට

Share

2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදාහැරිම ලබන 16 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පෙළ පොත් බෙදාහැරිමේ නිල උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 10.30ට හෝමාගම, පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේදී සිදු කිරිමට නියමිතයි.

2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර පාසල් දරුවන්ට 2020 වසරට අදාල පෙළ පොත් ලබාදිම සහ ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

සියලු ජාතික පාසල් හා සිසුන් 1500කට වැඩි පළාත් පාසල් සඳහා සෘජුවම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පෙළපොත් සහ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබා ගැනිමේ හැකියාව පවතියි.

සෙසු සියලු පාසල් සඳහා 2020 වසරට අදාල පෙළපොත් දිවයින පුරා කොට්ඨාස කාර්යාල හා තෝරා ගත් පාසල්වල ස්ථාපිත කර ඇති බෙදාහැරිමේ මධ්‍යස්ථාන මගින් ලබා ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News