මධ්‍යසාරවල යෙදවුමක් ලෙස සහල් භාවිත කිරීමට මෙම රජය විසින් කිසිදු අනුමැතියක් ලබා දී නොමැත

Share

මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කරන කිසිදු ස්කාගාරයකට සහල් යොදවා ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීමට මේ රජය විසින් කිසිදු අනුමැතියක් ලබා දී නොමැත. ශ්‍රී ලංකාවේ දැනට ස්කාගාර 14 ක් පවතින අතර ඒවායෙහි ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීම සඳහා රා, තල් රා, මොලාෂස්, බඩ ඉරිගු හා පළතුරු ආදිය උපයෝගී කරගනු ලබයි.
ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා සහල් අමුද්‍රව‍්‍යයක් ලෙස භාවිත කිරීමට එක් ආයතනයකට පමණක් එවකට බලයේ සිටි රජය විසින් 2006 වර්ෂයේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත් මෑතදී සහල් අමුද්‍රව‍්‍යය ලෙස යොදාගැනීමට අමතරව බඩ ඉරිගු යොදා ගැනීම සඳහා එම ආයතනයට අනුමැතිය ලබා දෙන ලදී.
2018 අයවැය මගින් එතනෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව‍්‍යයවලට එහි සුරා බදු අනුපාතය අනුව බදු අය කිරීමට යෝජනා කරන ලදී. ඒ අනුව 2017 නොවැම්බර් මස 09දා සුරා බදු ආඥා පනත යටතේ නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන, දැනට අනුමත කර ඇති අමුද්‍රව‍්‍යය සඳහා ලීටරයකට රුපියල් 5 සිට රුපියල් 10 දක්වා බද්දක් නියම කර ඇත.

Read more

Local News