මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

අද (19) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය වන තාවකාලිකව තද සුළං වලින් සිදුවන බලපෑම ද අකුණු මඟින් සිදුවන අනතුරු ද අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා ඇත.

උතුරු, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට තරමක තද වර්ෂාපතනයන්ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

Read more

Local News