භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය නිවැරැදි කොට ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කටයුතු කරනවා

Share

භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය නිවැරැදි කොට ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදය අතරතුර මේ බව පැවසුවේ, මන්ත්‍රී විජිත හේරත් මහතා භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

භාෂා පරිවර්තකයන් වැටුප් තලයේ පිහිටු වීමට කටයුතු කරනවා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. වැටුප් පරිමාණයේ ප්‍රශ්නයක් තිබෙනවා. එය නිවැරැදි කර ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය.

Read more

Local News