පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාරිකයන්ට මිලියන 30ක් දක්වා ණය

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අද (6) ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවැති පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් පැවසුවේ පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාරිකයන්ට මිලියන 30ක් දක්වා ණය ලබා ගත හැකි බවයි.

එහිදී රක්ෂණ ආයතනය හා පීපල්ස් ලීසිං යන ආයතනවල නිළධාරීන් සමඟ මේ පිළිබඳ අදාළ ගිවිසුම අත්සන් කළේය.

ජාතික පරිසර හිතකාමි නියමයන්ට අනුව කර්මාන්ත විසින් තම නිෂ්පාදන ක්‍රියාවලිය සවිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය ණය ව්‍යාපාරිකයන්ට ඉහත බැංකු හා ආයතන යටතේ‍ ලබාගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News