කාසල්රි ජලාශයට බිළිඳෙකු විසිකළ මව අත්අඩංගුවට

Share

උපන් විගස තම බිළිඳා කාසල්රි ජලාශයට විසි කර දැමු දෙදරු මවක් හැටන් පොලීසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින්ව ඊයේ(19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හැටන් දික්ඔය වනරාජා වත්තේ පදිංචිකාරිනියක් බවත්, ඇයට අවුරුදු 3 ගැහැණු දරුවෙකු සහ අවුරුදු 8ක පිරිමි දරුවෙකු සිටින බවත්, ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව හැටන් පොලීසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සඳහන් කළේය.

ඉකුත් 14 වෙනිදා රාත්‍රියේ නිවසේදි උපන් බිළිඳාව සැකකාර මව ඇය පදංචිව සිටින නිවස ඉදිරිපිටින් හැටන් සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළට විසි කර දමා ඇති බව හැටන් පොලීසිය විසින් කරන ලද මුලික විමර්ෂණවලදි අනාවරණය වි ඇත.

විසි කර දැමු බිලින්දාගේ සිරුර කාසල්රි ජලාශයේ පාවෙමින් තිබියදි ඉකුත් 14 වෙනිදා එම ජලාශයේ ධිවර කටයුතුවල නියැලි සිටි ධිවරයන් විසින් දැක එ බව හැටන් පොලීසිය වෙත දැනුම් දිමෙන් පසු හැටන් පොලිසිය විසින් බිලින්ඳාගේ සිරුර ගොඩගෙන සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර මව දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය වාර්තාවක් සමඟ සැකකාරිනිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් වැඩිදුරටත් පැවසීය.

Read more

Local News