මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

Share

දිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්ද දීම සඳහා ඉල්ලුම් කරන ඡන්ද හිමියන්ට ඒ සඳහා අවශ්‍ය තොරතුරු සූදානම් කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් කරයි.

ඒ අනුව තමන්ට වෙන් කරන ලද ඡන්ද පොලෙහිදී ඡන්දය දීමට නොහැකි ඡන්ද හිමියන්ට තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලූම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉල්ලුම් කරන ජන්ද හිමියන්ට ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්කය, ඡන්ද ප්‍රදේශයේ අක්ෂරය හා නම, ඡන්ද කොට්ඨාසයේ අංකය, ග්‍රාම නිළධාරි කොට්ඨාසය, විදියේ ගමේ නම, අනුක්‍රමික අංකය යන තොරතුරු ළඟ තබා ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

Read more

Local News